(Exclusive) ලංවිම සේවකයින්ට සමාජ මාධ්‍ය වාරණයක්: නීති තද වෙයි! නිවාඩුත් අවලංගුයි

MonaraMonara

ලංකා විදුලි බල මණ්ඩලයේ සියළුම සේවකයින්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබෙනවා.

රටට අඛන්ඩව විදුලිය සැපයීම සම්බන්ධව ලංවිමට පැවරී ඇති ජාතික වගකීම සහ විදුලි සැපයීම සම්බන්ධ සියළුම සේවාවන් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කිරීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර ලංවිම සේවකයින්ගේ සාමාන්‍ය හැසිරීම හා විනය නීති පටිපාටි සම්බන්ධව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලීය සේවකයින් විසින් සමාජ මාධ්‍ය භාවිතයේදී හා මෘදුකාංග පරිශීලනයේදී විනය නීති පටිපාට උල්ලංඝනය නොකිරීමටත් ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රතිරූපය ආරක්ෂා වන පරිදි ඒවා පරිශීලනය කිරීමටත් තරයේ වගබලා ගත යුතු බවටත් එම චක්‍රලේඛයේ සඳහන්වනවා.

මේ අතර විදුලිබල මණ්ඩලය සතු රහස්‍ය තොරතුරු හෙළි කිරීම, අපහාසාත්මක, අසත්‍ය, කාමුක, දේශපාලනික හෝ ඒ හා සම්බන්ධ වෙනත් කරුණු, මහජනතාව නොසන්සුන් කළ හැකි සාවද්‍ය පුවත්, ආයතනය අපකීර්තියට පත් කරවන ප්‍රකාශ ආදිය සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම, ශෙයාර් කිරීම ආදයි බරපතල වැරදි ලෙස පෙන්වා දී තිබෙනවා.

එම චක්‍රලේඛය සහ නිවාඩු අවලංගු කිරීමේ ලිපි පහතින්

MonaraMonara

MonaraMonara

MonaraMonara