සමාජ බුද්ධි ඒකකය වැඩට බහියි: ජාතික බුද්ධි ඒකකය සමග ඒකාබද්ධයි

MonaraMonara

ජාතික බුද්ධි ඒකකය සමග ඒකාබද්ධව නව සමාජ බුද්ධි ඒකකයක් පිහිටුවා ඇති බවත්, මේ වන විට එහි කටයුතු ආරම්භ කර ඇති බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ පාසල් පද්ධතිය තුළ සිදුවන විවිධ විෂමාචාර ක්‍රියා මැඩපැවැත්වීම සඳහා එම නව බුද්ධි කොට්ඨාසය හරහා අවශ්‍ය පියවර ගන්නා බවයි.

"අපි මේ වසර තුළ ජාතික බුද්ධි ඒකකයත්, ජාතික ශිෂ්‍ය භට බළකායත් සමග එකතුව සමාජ බුද්ධි එකකයක් පිහිටුවීමට තීරණය කළා. ඒ වැඩපිළිවෙල අපි මේ වසරේ ආරම්භ කළා. ඒ අනුව පාසල් තුළ සිදුවන අකටයුතුකම්, මත්ද්‍රව්‍ය උවදුර අවම කරන්න සහ නැති කරන්න වගේ ම මුලින් උපුටා දමන්න මේ බුද්ධි එකකය ඉවහල් කර ගැනීමට අපට හැකිවෙයි. ඒ වගේම ජාතික වීරයන් තරුණ පරපුර අතරින් බිහි කරන්න ජාතික වැඩපිළිවෙලක් ආරම්භ කළා." යනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.