පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ජනපතිට දුක කියයි: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පවත්වා තිබෙනවා.

MonaraMonara

ජනාධිපති රනිල් වික්‍රමසිංහ BBC

Colombo (Monara) June 10 | ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් පවත්වා තිබෙනවා.

එහි දී, ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ, ඉකුත් වසරේ පැවති අරගලයේදී ගෙවල් ගිනි තැබීම්වලට ලක්වූ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් වෙනුවෙන් තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බවයි.

පසුගිය සඳුදා ජනාධිපති කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැති බව සඳහන්.

ආපදාවට ලක් වූ මැති ඇමැතිවරුන් එක්ව අධිකරණයට ඉදිරිපත් කළ නඩුවක් තමන් ද නොදැනුවත්ව ඉවත් කරගෙන ඇති බව ද ඔවුන් එහි දී ප්‍රකාශ කර තිබුණා.

එම නඩුව ඉවත් කරගෙන ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කරන බවට පොලිසිය දුන් සහතිකයක් මත වුවද,ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.

එම වැරදි කළ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව තමන් තුළ බලවත් කනගාටුවක් තිබෙන බව ද අගතියට පත් වූ මන්ත්‍රීවරු පවසා ඇති බවයි වාර්තා වන්නේ.