Short Story: සියල්ල එසැණින් කියවන්න

MonaraMonara

සතොස බිත්තරෙත් ගණන් පෙන්නයි

සතොස හරහා අලෙවි කරන ආනයනික ඉන්දීය බිත්තරයක මිල හෙට (21) සිට රුපියල් 43ක් දක්වා ඉහළ නංවන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

MonaraMonara

බෙනින් රාජ්‍ය සමග ද්විපාර්ශවික සාකච්ඡා

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බෙනින් රාජ්‍යයේ උප ජනාධිපති මාරියම් චාබි තලතා (Mariam Chabi Talata) මහත්මිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ඊයේ (19) සිදු වුණා.

ශ්‍රී ලංකාව සහ බෙනින් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 2012 වසරේ දී ආරම්භ කෙරුණු අතර දෙරට අතර පවත්නා ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳ මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරුණා.

MonaraMonara

‘Defence Review-2023’ සඟරාව එළිදැක්වේ

කලාපීය සහ ජාත්‍යන්තර ආරක්‍ෂාව මෙන්ම භූ දේශපාලනය පිළිබඳ අවබෝධය වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ‘Defence Review-2023’ සඟරාව එළිදැක්වීමේ උත්සවය ඊයේ (19) පැවැත්වුණා.

ඒ ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, බත්තරමුල්ලේ පිහිටි ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ දී යි.

ඡායාරූප : ආරක්ෂක අමාත්‍යංශයඡායාරූප : ආරක්ෂක අමාත්‍යංශය

ඡායාරූප : ආරක්ෂක අමාත්‍යංශය

සරම්ප එන්නත්කරණය අද සහ හෙට දෙදින තුළ

වයස මාස 09ත් අවුරුදු 15ත් අතර දරුවන් සඳහා සරම්ප ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩසටහක් අද (20) සහ හෙට දීපව්‍යාප්තව ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

facebookfacebook

facebook

පුද්ගල ජීවිතයක් බිලිගත්ත මාරක අනතුර

මන්නාරම - යාපනය මාර්ගයේ පල්ලේමඩු ප්‍රදේශයේ දී ඊයේ (19) සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මන්නාරම දෙස සිට යාපනය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් පාපැදියක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

Google ImageGoogle Image

Google Image

මනුෂ්‍ය ඝාතනයක් කළ අයෙකුට මරණ දඬුවම

1996 වසරේ මාර්තු මස 30 වනදා අම්බලන්ගොඩ රේල් ගේට්ටුව අසලදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

Google ImageGoogle Image

Google Image

වැඩ තහනම් කළ ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව 66 දක්වා ඉහළට

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහි ව විරෝධතාවේ නිරත වීම හේතුවෙන්ව වැඩතහනම් කළ එම මණ්ඩලයේ සේවකයන්ගේ සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇති අතර, මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයන්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

MonaraMonara

කතුන්ට පමණක් සීමා වූ ජා-ඇළ සුපිරි බූරු පොළ වටලයි

කාන්තාවන්ට පමණක් ම සීමා වූ ජාඇළ ප්‍රදේශයේ දඬුගම උඩුවැල්ල පෙදෙසේ සුපිරි බූරු පොළක් වටලා සැකකාරියන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ජාඇළ පොලිසිය සඳහන් කරනවා.

මෙම එක් කාන්තාවක් මුදල් පොලියට දෙන බවත්, අනිකුත් සැකකාර කාන්තාවන් දෙදෙනා ඌරු ගොවිපොළවල් හිමිකාරියන් බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඔවුන් සතුව තිබූ රුපියල් 30,900ක මුදල ද පොලිසිය සිය භාරයට ගෙන තිබෙනවා.

Google ImageGoogle Image

Google Image

නොබැඳි ජාතීන්ගේ සමුළුවට එක්වූ ජනපති

උගන්ඩාවේ කම්පාලා නුවර පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයින් සහ නියෝජිතයින් කිහිප පළක් සමඟ ඊයේ (19) ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා.

MonaraMonara

පස්සර නාය යෑමක්

පස්සර නමුනුකුල කන්ද පාමුල අද (20) අලුයම සිට විශාල නාය යාමක් සක්‍රිය වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

නමුණුකුල කන්ද පාමුල පස්සර ගෝනගල නැගෙනහිර වසමේ තේ පර්යේෂණ ආයතනය අසල මෙම නායාම සක්‍රිය වී තිබෙනවා.

මෙම ස්ථානය මිනිස් වාසයකින් තොර ප්‍රදේශයක් බැවින් කිසිවකුට හෝ දේපළවලට හෝ හානියක් නොමැති බවයි එම මධ්‍යස්ථානය පවසන්නේ

Google ImagesGoogle Images

Google Images

තවත් කාන්තාවක් අස්ථානගත වෙයි

මොරටුව රාවතාවත්ත ධර්මරත්න මාවතේ පදිංචි නැමති කාන්තාවක් අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

59 හැවිරිදි, ශ්‍යාමලී ෆොන්සේකා නම් වූ ඇය පසුගිය 12වනදා සිට අතුරුදන්ව ඇති අතර, ඇය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් මොරටුව පොලීසියට දැනුම්දෙන ලෙස ඥාතීන් ඉල්ලා සිටිනවා.

Social MediaSocial Media

Social Media