ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ලෙස ෂෙනුකා සෙනෙවිරත්න පත් කරයි: ජනාධිපතිනියට අක්තපත්‍ර භාර දෙයි

MonaraMonara

ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස්වරිය ලෙස විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරියක වන ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිය පත් කර තිබෙනවා.

ඇය අද ඉන්දිය ජනාධිපති රෞපති මොමූර් හට අක්තපත්‍ර භාර දුන් බවයි, ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන් ම මේ සම්බන්ධයෙන් ජනාධිපතිනිය සිය ට්විටර් ගිණුමෙහි සටහනක් ද තබා තිබුණා.

මීට පෙර එම ධුරයේ කටයුතු කරනු ලැබුවේ මිලින්ද මොරගොඩ මහතායි.

ඔහු සිය ධුරයෙන් සමුගැනීමත් සමඟ මෙම පත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.