බඩු මිල අඩු වෙලා නැහැ කියන එක පිළිගන්නවා - ශෙහාන් සේමසිංහ: මෙරට ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක් මේ වනවිට අත්කරගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

MonaraMonara

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

Colombo (Monara) June 10 | මෙරට ආර්ථිකයේ සැලකිය යුතු වර්ධනයක් මේ වනවිට අත්කරගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ, පසුගිය වසරේ ඍණ අටක ආර්ථික සංකෝචනයක් පැවැති බවයි.

2023 වසරේ දී එයා ඍණ තුනක් පමණ වනු ඇති බවට ලෝක බැංකුව පුරෝකතනය කර ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

කෙසේ වෙතත් ආර්ථික වර්ධනය ඍණ තුන දක්වා අඩු කරගැනීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව බවයි ශෙහාන් සේමසිංහ අවධාරණය කළේ.

''මේක ඇත්තටම ගොඩාක් අසීරු අවස්ථාවක් වුණා. නමුත් මේ වෙද්දී එය ඉතා ක්‍රමානුකූලව සමනය වෙමින් පවතිනවා. මේ වනවිට මෙරට පැවැති දැඩි අර්බුදයක් වන පොලී අනුපාතය පහත යමින් පවතිනවා. මේ විදිහට ඉහළ පොලී අනුපාතය පවත්වාගෙන ගියේ නැත්නම් අපිට මේ වගේ උද්ධමනයේ පහත යාමක් බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙම වුණත් උද්ධමනය අඩු වන වේගයට භාණ්ඩ මිල අඩු වෙන්නේ නැහැ කියන එක අපි පිළිගන්නවා. නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් අඩු කරලා තියෙනවා.."