මැණිකේ පිට ගිය හරිම හේතුව එළියට(වීඩියෝ): මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිටි බවයි වාර්තාවන්නේ.
Colombo(Monara) June 04 - මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ සෙංකඩගල මැණීකේ ශීඝ්රගාමී දුම්රිය කඩිගමුව හා රඹුක්කන දුම්රිය ස්ථාන අතරදී අද (04) උදෑසන 08.00 ට පමණ පීලී පැනීමකට ලක් වුණා.
මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් ඇනහිටි බවයි වාර්තාවන්නේ.
උදෑසන 06.25 ට මහනුවරින් ගමන් ආරම්භ කළ මෙම දුම්රිය රඹුක්කන, කැබැල්ලවත්ත,4 වන උමං මාර්ගය ආසන්නයේ දීයි මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ.
එම දුම්රියේ එන්ජිමේ ඉදිරි රෝද දෙක පමණක් මෙසේ පීලි පැන ඇති අතර, දුම්රිය මාර්ගයේ අඩි එකහමාරක පමණ ප්රමාණයකට ඉන් හානි සිදුව තිබෙනවා.
අනතුරට අදාළ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු සඳහා සේවක කණ්ඩායම් මේ වන විට එම ස්ථානයට පැමිණ තිබෙනවා.
පස්වරු 2.30 පමණ වන විට පීලිගත කිරීමේ කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බවයි රඹුක්කන දුම්රිය ස්ථානය සදහන් කරන්නේ.
කෙසේ වෙතත් තවත් දුම්රිය මැදිරි පීලි පැනීමට ලක් වූයේ නම් මෙම අනතුරින් සිදුවිය හැකි හානිය විශාල විය හැකිව තිබුණා.
දුම්රිය එන්ජින් රියදුරුගේ දක්ෂතාව හේතුවෙන් සිදුවීමට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට හැකි වූ බවට ද තොරතුරු අනාවරණය වනවා.