සිසිර, කංසා වවන්න කැබිනට්ටුවේ අවසර ඉල්ලයි: මහින්ද යෝජනාවට අත්සන් කරයි

MonaraMonara

ත්‍රෛලෝක විජයාපත්‍ර හෙවත් කංසා අපනයන භෝගයක් ලෙස වගා කිරීම සඳහා අවසර ඉල්ලමින් කැබිනට් මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් යොමු කර ඇති එම ඉල්ලීමට කැබිනට් අනුමැතිය ලැබුණු වහා ම අපනයන කර්මාන්තයේ කොටසක් ලෙස කංසා වගා කිරීමට හැකියාව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

අදාළ කැබිනට් යෝජනාව සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද අත්සන යොදා ඇති අතර කංසා යනු, විනෝදාස්වාද මත්ද්‍රව්‍යයක් ලෙස නොව වෛද්‍ය ඖෂධයක් ලෙස භාවිත කිරීමට ආයුර්වේද දෙපාර්තමේන්තුව එකඟ වී ඇති බව ද අමාත්‍යවරයා පවසනවා.