මුහුදු ඛාදනය ඉහළට: ආරක්ෂිත බැමි ඉදිකිරීමට මුදල් නැහැ

MonaraMonara

හලාවත සිට වෙන්නප්පුව දක්වා වන ඉරණවිල මුහුදු තීරය ඛාදනයට ලක් වී තිබෙනවා.

පසුගිය වසර 15ක සිට මෙය සිදු වන බව සඳහන්.

මීට පෙර මදුරන්කුලිය මුහුදු වෙරළ තීරය ඛාදනයට ලක් වුණා.

එමෙන් ම බස්නාහිර ප්‍රදේශයේ සිදු වෙමින් පැවැති මුහුදු ඛාදනය මේ වනවිට උතුර දෙස ව්‍යාප්ත වෙමින් පවතින බව සඳහන්.

මෙවැනි පසුබිමක මුහුදු වෙරළ ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂිත කළු ගල් බැමි ඇති කිරීම ද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා මුදල් වෙන් නොකිරීම සහ අවශ්‍ය කළු ගල් ලබා ගැනීමට නොමැකි වීම ඊට හේතුව වී තිබෙනවා.