අවලෝකිතේෂ්වරට මානසික ලෙඩක් ඇති බව හෙළිවෙයි වෙයි: මානසික වෛද්‍ය විශේෂඥයින්ගෙන් අධිකරණයට වාර්තාවක්

MonaraMonara

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් ලෙස පෙනී සිටිමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ මහින්ද කොඩිතුවක්කු නැමැත්තා මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට වෛද්‍ය වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය වී තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත්වරයා මෙහිදී පවසා ඇත්තේ අදාළ විත්තිකරු මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට මානසික වෛද්‍ය විශේෂඥයින් විසින් අධිකරණය හමුවට වාර්තාවක් මගින් කරුණු දක්වා ඇති බවයි.

එම වාර්තාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ජුනි මස 19 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසද මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.