ශිෂ්‍යත්වයට සම්මන්ත්‍රණ වැඩමුළු තවත් බැහැ: ඊයේ මැදියම් රැයේ සිට තහනම ක්‍රියාත්මකයි

MonaraMonara

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේ එම තහනම කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 15 වැනිදා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,888 කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.