නිදහස් පක්ෂයේ මහ ලේකම් පුටුවේ වැඩ ආවරණයට සාරතී: පක්ෂ මධ්‍යම කාරක සභාවත් අද රැස්වේ

MonaraMonara

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සාරතී දුෂ්මන්ත මහතා පත්කර තිබෙනවා.

ඒ, පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වීමෙන් අනතුරුවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් ධුරයේ කටයුතු කළ දයාසිරි ජයසේකර මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමත් සමඟ ඔහුට මහ ලේකම් ධුරය අහිමි වූ අතර, ඒ අනුවයි මෙලෙස මහ ලේකම් ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා සාරතී දුෂ්මන්ත මහතා පත්කර ඇත්තේ.