සමනල වැවේ ජලය අඩුවීමට හේතුව සොයා ගනී: විදුලිබල මණ්ඩලයට වසරකට රුපියල් බිලියන 2ක ඉතිරියක්

MonaraMonara

පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇති කළ සමනල වැව ජලාශයේ ජලය කාන්දුවන ස්ථාන 7ක් පමණ හඳුනාගෙන ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද අනාවරණ කළා.

වලව කලාපයට ගොවිතැන් සඳහා අවශ්‍යවන ජල ධාරිතාව 50MCMක් බවත්, මෙම කාන්දුව නිසා 20MCM වෙනත් ප්‍රදේශයකින් බැහැරවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම මෙම ජල කාන්දු වසා දැමීම සඳහා විදුලිබල මණ්ඩලය මේ වන විට පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එමෙන්ම මෙම කාන්දුව වසා දැමීමෙන් වසරකට රුපියල් බිලියන 2ක පමණ විදුලිය උත්පාදනය කිරීමට යන මුදලක් අඩු වනු ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.