ජනතාවට තවත් පීඩා එපා: විදුලි ගාස්තුව ඉහළ නැංවීම ගැන සජිත්ට ප්‍රශ්නයක්

MonaraMonara

ඡායාරූපය - REUTERS/Dinuka Liyanawatte

ජනතාවට පීඩා වන අයුරින් වැරදි ආකාරයට විදුලි ගාස්තුව ඉහළ නැංවීමට කටයුතු නොකරන්නැයි මහජන උපයෝගීතා උපයෝගිතා කොමිෂන් සභාවට නියෝගයක් දෙන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

විදුලිබල මණ්ඩලය ලාභ ලබන බැවින් විදුලි බිල මේ මොහොතේ වැඩි කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

වසරකට විදුලි ගාස්තුව ඉහළ නැංවිය හැක්කේ දෙවරක් බවත්, එසේ තිබියදී මේ වනවිටත් විදුලි බිල ඉහළ නැංවීමට තීරණය කර ඇති බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, මේ වනවිට විදුලි ගාස්තුව වසරකට සිව් වතාවක් ඉහළ නැංවිය යුතු බව දක්වමින් විශේෂ පරිච්ඡේදයක් ඇතුළත් කර ඇති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව පනත උල්ලංඝනය කරමින් වැරදි වැඩක් සිදුකරන බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා විදුලි ගාස්තුව ඉහළ නැංවීම සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට විෂය අමාත්‍යවරයා සභා ගර්භයේ නොමැති බවද කියා සිටියා.