සමාජ මාධ්‍යකරුවන්ගේ වගකීම සාගල පහදයි: ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති අනුව දේශපාලනය වෙනුවෙන් මාධ්‍ය පාලනය කිරීමක් සිදු නොවන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා පවසනවා.

MonaraMonara

Daily News

සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන ආකාරය, දේශපාලන පක්ෂයකට ඉතාම වැදගත් වන බවයි ඔහු පැවසුවේ.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ, සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්, එක්සත් ජාතික පක්ෂයේ සියලුම දිස්ත්‍රික්කවල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පුහුණු කිරීමේ සහ පත්වීම් ලබා දීමේ වැඩසටහන් පැවැත්වුණා.

එහි පළමු වැඩසටහන ගාල්ලේ රැඩිසන් බ්ලු හෝටලයේදී පැවැත්වුණා.

දින දෙක හමාරක නේවාසික පුහුණු සැසියක් ලෙස සංවිධානය කළ මෙම වැඩසටහන අවසානයේ පත්වීම් ලිපි සහ සහතික පත් බෙදාදීම සිදුවුණා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සාගල රත්නායක මහතා කියා සිටියේ, රට නිවැරදි පිළිවෙළට සකස් කළ යුතුව ඇති බැවින් නූතන ලෝකයත් සමග ඉදිරියට පත්වාගෙන යා හැකි රටාවක් නිර්මාණය කළ යුතු බවයි.

එම වැඩපිළිවෙළ ජනතාවට ගෙනියන වගකීම තිබෙන්නේ සමාජ මාධ්‍ය හසුරවන අය සතුව බැවින් සමාජ වගකීම ඉටු කිරිම තරයේ මතක තබා ගත යුතුයි.