උමන්දාවට අක්කර 50ක ඉඩමක් ඉල්ලූ රොෂාන් රණසිංහ: වසර 30ක දිගුකාලීන බදු දෙන්න

MonaraMonara

වලව කලාපය මයුරපුර ප්‍රදේශයේ අක්කර 50ක ඉඩමක් උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයට ලබා දීම සඳහා වන කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, කාබනික වගා ව්‍යාපෘතිය පුළුල් කිරීම සඳහා.

සෑම වසර 05කට වරක් බදු වටිනාකම වැඩිකර ගාස්තු සංශෝධනය කර වසර 30ක කාලයක් සඳහා දිගුකාලීන බදු පදනම මත මෙම ඉඩම් බැහැර කිරීමටයි එහි දී අමාත්‍යවරයා නිර්දේශ කර ඇත්තේ.

අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ, නොවැම්බර් මස දෙවැනිදායි.

MonaraMonara