සිව්වසරක සිරදඬුවමෙන් පසු මාස 6ක් බරපතළ වැඩ ඇතුව හිරේට යන විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න: මේජර් (විශ්‍රාමික) අජිත් ප්‍රසන්න දැනට ගෙවමින් සිටින වසර 04ක සිරදඬුවම අවසන්වීමෙන් නව ක්‍රියාත්මක වන බවත් එම තීන්දුවේ සඳහන්.

MonaraMonara

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න

Colombo (Monara) June 08 - මේජර් (විශ්‍රාමික) නීතිඥ අජිත් ප්‍රසන්නට අභියාචනාධිකරණය විසින් මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

ඒ අධිකරණයට අපහාස කළ බවට වූ චෝදනා පිළිගැනීමෙන් අනතුරුවයි.

මේජර් (විශ්‍රාමික) අජිත් ප්‍රසන්න දැනට ගෙවමින් සිටින වසර 04ක සිරදඬුවම අවසන්වීමෙන් පසුව මෙම දඬුවම ක්‍රියාත්මක වන බවත් එම තීන්දුවේ සඳහන්.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී තිබෙනවා.