මහනුවරත් අනාරක්ෂිත ගස් ඉවත් කිරීම ඇරඹේ: දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී

MonaraMonara

මහනුවර වැව රවුම ඇතුළුව නගරයේ අනාරක්‍ෂිත ගස් හා අතු ඉවත් කිරීම මහනුවර මහ නගර සභාවේ මැදිහත්වීම මත ආරම්භ කර තිබෙනවා.

මහනුවර නගරය මෙන්ම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල අවදානම් ගස් ඉවත් කරන ලෙසට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා විසින් මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී කළ දැනුම්දීම අනුව මෙම ඉවත් කිරීම් සිදුවනවා.

මහනුවර නගරයේ අවදානම් සහිත ගස් හා දිරාපත් වූ අතු රැසක් පවතින බැවින් ඊට කඩිනම් පියවර ගන්නා ලෙසද ආණ්ඩුකාරවරයා කමිටුවට දැනුම් දෙනු ලැබුවා.

සෙසු පළාත් පාලන ආයතන සතු අනාරක්‍ෂිත ගස් ඉවත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිටත් අදාළ ආයතන දැනුවත් කර ඇතැයි එහිදී සඳහන් කළ පළාත් පාලන කොමසාරිස් මාසයක් ඇතුළත එය ආරම්භ කරන බවත් ප්‍රකාශ කළා.