ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමෙන් වාර්තාගත ලාභයක්: ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පසුගිය වසරේදී රුපියල් මිලියන 27,647ක සමස්ත ලාභයක් වාර්තා කර තිබෙනවා.

MonaraMonara

ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමෙන් වාර්තාගත ලාභයක්

Colombo (Monara) June 03 – ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම පසුගිය වසරේදී රුපියල් මිලියන 27,647ක සමස්ත ලාභයක් වාර්තා කර තිබෙනවා.

බදු ගෙවීමෙන් පසු එහි ලාභය සටහන් වූයේ මිලියන 4,803ක් වශයෙන්.

ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම 2022 සිය වාර්ෂික වාර්තාවෙන් පෙන්වා දෙන්නේ සිය සමාගම රජයට රුපියල් මිලියන 1983ක දායකත්වයක් ලබදී ඇති බවයි.

ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පවසා සිටියේ සිය සමාගම ලාභ ලබන සමාගමක් බැවින් ප්‍රතිව්‍යුහගත කිරීම සිය සමාගමට බල නොපාන බවයි.

එමෙන්ම මේ වසරේ රුපියල් බිලියන 21.5ක ඉලක්කගත ලාභයක් අපේක්ෂාවෙන් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.