‌රම්‍යා ශ්‍රියාණි පතිරණ අභාවප්‍රාප්ත වෙයි: ‌ගුවන්විදුලි ඉතිහාසයේ අමරණීය චරිතයක්

MonaraMonara

Images - Dayan Witharana

ගුවන් විදුලි නිවේදිකාවක, හඬ රංගනවේදිනියක මෙන්ම ගුවන්විදුලි නාට්‍ය ශිල්පිණියක් හා ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක් ද වන රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද ‍අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට ගුවන්විදුලි ශ්‍රාවක පිරිසට කිසිදා අමතක නොවන හඬක් හිමි ඇය ගුවන්විදුලි ඉතිහාසය තුළ අමරණීය චරිතයක්.

වර්ෂ 1979 දී ගුවන්විදුලි නාට්‍ය හා විචිත්‍රාංග ශිල්පිණියක ලෙසින් සේවයට බැඳුණු ඇය 1981 වසරේ සහය නිවේදක මණ්ඩලයට ඇතුළත් වී තිබෙනවා.

2015 - 2016 වසර තුළදී ඉහළ ශ්‍රේණිගත (SUPER GRADE) නිවේදන ශිල්පිණියක් වූ ඇය ශ්‍රී ලංකා වෙළඳ සේවය තුළ වසර 38 ක් පුරාවට සේවය කළ මතකයේ රැඳුණු නිවේදිකාවකි.

සම්මානනීය ප්‍රවීණ කිවියර සාහිත්‍යශූරී නන්දන වීරසිංහයන් සමගින් වර්ෂ 1988 දී අතිනත ගත් ඇය දරුවන් තිදෙනෙකුගේ මවක්.

මිය යනවිට ඇය 64 වැනි වියේ පසුවුණා.

හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ඇය අද අළුයම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

දේහය අද පස්වරු 02.00 සිට පන්නිපිටිය, ඇරැව්වල උස්වත්ත මැදපාර, අංක 304/2 දරණ නිවසේ තැන්පත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

Images - Dayan WitharanaImages - Dayan Witharana

Images - Dayan Witharana

Images - Dayan WitharanaImages - Dayan Witharana

Images - Dayan Witharana

Images - Dayan WitharanaImages - Dayan Witharana

Images - Dayan Witharana