දුම්රිය වර්ජනය අවසන්: ලසන්ත සමග සාකච්ඡාව සාර්ථකයි
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ වර්ජනයේ නිරත වන දුම්රිය වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡාව සාර්ථක වී තිබෙනවා.
ඒ අනුව වර්ජන ක්‍රියාමාර්ගය අත්හිටුවීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ දුම්රිය නියාමක සංගමය මෙන්ම වෙනත් දුම්රිය සමිති නියෝජිතයින් සහ වර්ජනයට සම්බන්ධ උප නියාමකවරුන් සමගයි මෙම සාකච්ඡාව දුම්රිය මූලස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්වුණේ.
ඒ අනුව වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට එම වෘත්තීය සමිතිය තීරණය කළ අතර, ඒ අනුව අසනීප නිවාඩු වාර්තා කළ උප නියාමකවරුන් නැවත සේවයට පැමිණීමට නියමිතයි.
මෙම තීරණයත් සමග අද පස්වරුවේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව උපරිමයෙන් කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.