සාගර කාරියවසම්ට පුන්නක්කු කවන්න යයි: නෙළුම් මාවතේදී වෙච්ච දේ මෙන්න

MonaraMonara

ජන අරගල ව්‍යාපාරයේ සභාපති චානක බණ්ඩාර ඇතුළු පිරිසක් අද (18) නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණ සාගර කාරියවසම් මහතාට විරෝධය පළ කර සිටියා.

ඒ පසුගිය දා සාගර කාරියවරම් මහතා විසින් පොහොට්ටු සම්මේලනයේ දී "දරුවන්ගෙන් 3% කුහකයෝ" යැයි කළ ප්‍රකාශයකට එරෙහිවයි.

කෙසේවෙතත් ආරක්ෂ අංශ විසින් එම පිරිසට කාර්යාලයට ළාවීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් මාර්ගය ඉදිරිපිට විරෝධය පළ කළා.

එහිදී පුන්නක්කු බාල්දියක් ද විරෝධතාකරුවන් විසින් රැගෙන විත් තිබූ අතර,

"මේ පුන්නක්කු ටික ගෙනාවේ සාගර කාරියවසම් ඇතුළු පොහොට්ටුවේ උන්ට කවන්න. ඒ කිව්ව ප්‍රකාශයට පිළිතුරු වශයෙන්. සාගර කාරියවසම් ඇතුළු ගෝලයෝ ටික මේ පුන්නක්කු ටික කාපල්ලා" යනුවෙන් ප්‍රකාශ කළා.

MonaraMonara

MonaraMonara

MonaraMonara