"ජනපති අපේක්ෂක ධම්මික පෙරේරා" පුවතින් පොහොට්ටුව කැළඹෙයි: බැසිල් රට ගිහින්? නෙළුම් මාවතට දැඩි පොලිස් ආරක්ෂාව
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා පත් කර ඇති බව පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබුණා.
කෙසේ වුවද මේ පිළිබඳව විමසීමට පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් සම්බන්ධ කරගැනීමට අප තැත් කළ ද එම උත්සාහය ව්‍යවර්ත වුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මන්ත්‍රීවරයාගෙන් මොණරා කළ විමසීමකදී ඔහු කියා සිටියේ පක්ෂයක් ලෙස එවැනි තීරණයක් මෙතෙක් ලබා නොදුන් බවයි.
එවැනි තීරණයක් ගන්නේ නම් විධායක සභාව අනිවාර්යයෙන් රැස්විය යුතු බවත් පසුගිය සෙනසුරාදායින් පසු නැවත විධායක සභාව රැස් නොවූ බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.
එමෙන්ම මෙම පුවත නිසා පොහොට්ටුව තුළ අභ්‍යන්තර ගැටුම් පැන නැගී ඇති බව විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසනවා.
කෙසේ වුවද මේ වනවිට නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලය තුළ විශේෂ සාකච්ජාවක් පැවැත්වෙන බවත් දැඩි ආරක්ෂාව යටතේ පොලිස් නිලධාරින් 30කට අධික පිරිසක් ඒ අවට යොදවා ඇති බවත් පොලිස් ආරංචිමාර්ග පවසනවා.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටව ගොස් ඇති අතර ඔහු මාස දෙකක පමණ කාලයක් ඇමරිකාවේ රැඳී සිටිනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.