ලබන වසරේ ගෙවන බදු මුදල ගැන අනාවැකි: පසුගිය අයවැයේ යෝජනා 69 ක් ක්‍රියාත්මක කර නැහැ

MonaraMonara

රටේ ශ්‍රම බලකායෙන් එක් පුද්ගලයෙකුට 2023 වසරට වඩා රුපියල් 12,000 ක මුදලක් 2024 වසරේදී බදු වශයෙන් ගෙවීමට සිදුවන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ රජයේ සේවකයෙකුට රුපියල් 10,000ක් ලබාදීමට යෝජනා කළත් බදු වශයෙන් රාජ්‍ය සේවකයෙකුට රුපියල් 12,000 ක් ගෙවීමට සිදුවන බවයි.

2024 වසර වෙනුවෙන් එකතු වන බදු ආදායම රටේ ජනතාවගෙන් බෙදූ විට එක් පුද්ගලයෙක් පෙර වසරට වඩා රුපියල් 4,650 ක් බදු වශයෙන් ගෙවිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

2023 අයවැයේ යෝජනා 77 න් 69 ක් ක්‍රියාත්මක කර නොමැති බව පෙන්වා දුන් ඔහු 2024 අයවැයෙත් යෝජනා 70 ක් තිබෙන බවත් මෙම යෝජනා ද ක්‍රියාත්මක කරයි කියා රටේ ජනතාව තුළ විශ්වාසයක් නැති බවත් ඔහු තවදුරටත් කියා සිටියා.