ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳවැටෙයි: සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර
වැල්ලවත්ත ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට විදුලිය බිඳ වැටීමක් සිදුව තිබෙනවා.
ඒ, විදුලි රැහැනකට හානි සිදුවීම හේතුවෙන්.
වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත ප්‍රදේශයේදී මෙලෙස විදුලි රැහැනකට හානි සිදු වී ඇති බව සඳහන්.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ විදුලි ජනන යන්ත්‍ර යොදාගනිමින් ප්‍රදේශ කිහිපයක් සඳහා විදුලි සැපයුම ලබාදීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එසේම විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ලංකා විදුලිබල මණ්ඩලය විසින් මේ වනවිට සිදුකරමින් පවතිනවා.