පොසොන් සතිය හෙටින් ඇරඹේ: මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍ර කර ගනිමින් පොසොන් උත්සවය හෙට සිට ලබන මස 06 වැනිදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
පොසොන් සතිය හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍ර කර ගනිමින් පොසොන් උත්සවය හෙට සිට ලබන මස 06 වැනිදා දක්වා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා කියා සිටියේ පොසොන් සතිය තුළ දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් වසා දමන බවයි.
එමෙන්ම, පළාත් පාලන කොමසාරිස්වරයා විසින් මෙම සතිය තුළ මස් මාංශ වෙළෙඳසැල් වසා තබන ලෙස නියෝග කර ඇති බවද ඔහු සඳහන් කළා.
දිස්ත්‍රික් ලේකම්වරයා තවදුරටත් කියා සිටියේ පූජා නගරයටමත්පැන් රැගෙන ඒමෙන් වළකින ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
එමෙන්ම, පොසොන් උත්සවය සැණකෙළියක් නොකරගත යුතු යැයිද පැවසු ඔහු, රජය දැඩි මුල්‍ය අපහසුතාවයකින් වුවත් ජනතාවගේ පහසුව වෙනුවෙන් කටයුතු සුදානම් කර ඇති බව පැවසුවා.