පොසොන් දන්සැල් ලියාපදිංචියත් ඇරඹේ: පොසොන් පොහෝ දිනය වෙනුවෙන් සංවිධාන කරන සියළුම දන්සැල් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දීමක් සිදුකරනවා.

MonaraMonara

ඡායාරූපය - globalpressjournal.com

ලබන මස 03 වැනිදාට යෙදෙන පොසොන් පොහෝ දිනය වෙනුවෙන් සංවිධාන කරන සියළුම දන්සැල් ළඟම පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ලියාපදිංචි කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දැනුම් දීමක් සිදුකරනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ අනතුරුව අදාළ ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම දන්සැල් පරීක්ෂාවට ලක් කරනු ඇති බවයි.

එම පරීක්ෂාවෙන් අනතුරුව අවශ්‍ය උපදෙස් සහ ඊට අවශ්‍ය සහාය ඔවුන් විසින් ලබාදෙනු ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

පොසොන් පොහොය නිමිත්තෙන් වන්දනාමාන කටයුතු සඳහා ගමන් ගන්නා බැතිමතුන්ට සුරක්ෂිතව, පිරිසිදු ආහාර ලබාදීම මෙම වැඩපිළිවෙලේ අරමුණ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

එනිසා එළඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සියලුම දන්සල් එලෙස විශේෂ පරීක්ෂාවක් සිදුකර අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවද සභාපති උපුල් රෝහණ තවදුරටත් සදහන් කරයි.