පොලිස් රෝහලේ ශල්‍ය වෛද්‍යවරියගේ රන් භාණ්ඩ සොරා ගනී: පොලිස් රෝහලේ පිරිසිදු කිරීමේ සේවිකාවක් රන් භාණ්ඩ සොරා ගන්නට ඇති බවටයි පොලිසිය පවසන්නේ.
පොලිස් රෝහලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශල්‍ය වෛද්‍යවරියට අයත් රන් භාණ්ඩ රැසක් සොරා ගෙන තිබෙනවා.
අදාළ රන් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධිකයි.
පොලිස් රෝහලේ පිරිසිදු කිරීමේ සේවිකාවක් රන් භාණ්ඩ සොරා ගන්නට ඇති බවටයි පොලිසිය පවසන්නේ.
වෛද්‍යවරිය සායනයට යාමේදී සිය රන් භාණ්ඩ මේස ලාච්චුවක දමා ගොස් ඇති අතර එම අවස්ථාවේ කාමරයට පැමිණි සේවිකාව විසින් මෙම රන් භාණ්ඩ සොරා ගන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ.
අදාළ සේවිකාව සොයා නාරාහේන්පිට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.