‘PNS TIPPU SULTAN’ දිවයිනට සමුදෙයි: තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කර අද දිවයිනෙන් පිටත්ව ගියා.

MonaraMonara

‘PNS TIPPU SULTAN’ නෞකාවට සාම්ප්‍රදායානුකූලව සමුදීම SL NAVY

SL NAVYSL NAVY

‘PNS TIPPU SULTAN’ සහ ගජබාහු නෞකාව නාවික අභ්‍යාසය අතරතුර SL NAVY

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TIPPU SULTAN’ නෞකාව නිල සංචාරය සාර්ථකව අවසන් කර අද දිවයිනෙන් පිටත්ව ගියා.

ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව පිටත් වූ ‘PNS TIPPU SULTAN’ නෞකාවට නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරුණා.

මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, ‍ නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව, එම අභ්‍යාසය නිමාවට පත්වුණා.

SL NAVYSL NAVY

‘PNS TIPPU SULTAN’ සහ ගජබාහු නෞකාව නාවික අභ්‍යාසය අතරතුර SL NAVY

SL NAVYSL NAVY

‘PNS TIPPU SULTAN’ සහ ගජබාහු නෞකාව නාවික අභ්‍යාසය අතරතුර SL NAVY

පාකිස්ථානු නෞකාවේ මෙහෙයුම් ක්‍රියාකාරීත්වය පිළිබඳ නිරීක්‍ෂණය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයන් හට අවස්ථාව හිමිකර දුන් අතර ‘PNS TIPPU SULTAN’ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් JAWWAD HUSSAIN TI සහ බටහිර නාවික විානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක්ද පැවතියා.

SL NAVYSL NAVY

පාකිස්ථානු නෞකාව අණ දෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති SL NAVY

දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද වොලිබෝල් තරඟාවලියක් සඳහා සහභාගී වූ ‘PNS TIPPU SULTAN’ නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීමේ සංචාරයකද නිරත වුණා.

SL NAVYSL NAVY

දෙරට නැවියන් අතර පැවති වොලිබෝල් තරගය SL NAVY

SL NAVYSL NAVY

දෙරට නැවියන් අතර පැවති වොලිබෝල් තරගය SL NAVY

කලාපීය නාවික හමුදාවන්ට අයත් නෞකාවන් විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම කුසලතා සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කලාපයේ සාම්ප්‍රදායික නොවන මුහුදු තර්ජන ඇතුළු පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙන දෙන බවයි නාවික හමුදාව සඳහන් කළේ.