විශේෂ කැණීම් බලපත්‍ර ක්‍රමවේදය ජනතාව අයථා ලෙස භාවිත කළා - නිලධාරීන්ගෙන් චෝදනා: වැලි ගොඩදැමීමේ දී ක්‍රියාවලියේදී වැලි මාෆියාවක් ක්‍රියාත්මකයි. වැලි මාෆියාව නැති කර යම් ක්‍රමයකට අනුගත කිරීමට කටයුතු සුදානම් කරද්දී තර්ජන එල්ල වනවා - ජානක අජිත්ප්‍රේම

MonaraMonara

Photo - Maubiwa

Colombo (Monara) June 08 – පසුගිය කාලය පුරා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය හරහා නිකුත් කළ විශේෂ බලපත්‍ර ක්‍රමවේදය, වගකිව යුතු ආයතන කිහිපයක නිර්දේශ නොමැතිව ක්‍රියාත්මක වූවක් බව එහි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්, වරලත් භූ විද්‍යාඥ ‌ජානක අජිත්ප්‍රේම මහතා පවසනවා.

එහෙත් හදිසි ආපදා තත්ත්වයක දී ඉන් ජීවිත හානියක් ති‌බේ නම් වෙනත් ආයතනවල නිර්දේශ රැගෙන බලපත්‍ර නිකුත් කිරීමට කාලයක් නොමැති හෙයින් එම අවස්ථාවලදී මෙවැනි විශේෂ බලපත්‍ර නිකුත් කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

නමුත් පසුගිය කාලය පුරා මෙවැනි විශේෂ බලපත්‍ර 2000ත් 3000ත් අතර ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා.

කෙසේවෙතත් විශේෂ බලපත්‍ර ක්‍රමවේදය තුළ ජනතාව නිවැරදි ක්‍රමයට නොමැතිව අයථා ලෙස කැණිම් කටයුතු සිදුකර ඇති බවටයි ජානක අජිත්ප්‍රේම මහතා චෝදනා කළේ.

ඒ ‌හේතුවෙන් විශේෂ බලපත්‍ර ක්‍රමවේදය නවතා දැමීමටයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය තීරණය කර ඇත්තේ.

ප්‍රාදේශීය වාර්තාකරු - කොළඹ - වසන්ත නිරෝෂන් ප්‍රාදේශීය වාර්තාකරු - කොළඹ - වසන්ත නිරෝෂන්

වරලත් භූ විද්‍යාඥ ‌ජානක අජිත්ප්‍රේම - වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් - භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රාදේශීය වාර්තාකරු - කොළඹ - වසන්ත නිරෝෂන්

මේ අතර පසුගිය කාලය පුරා දිවයිනේ කුමන ප්‍රදේශවල වැලි ගොඩ දැමූව ද සීමිත පිරිසක් තුළ එය ක්‍රියාත්මක වූ බව ද ජානක අජිත්ප්‍රේම මහතා පවසනවා.

වැලි ගොඩදැමීමේ දී ක්‍රියාවලියේදී වැලි මාෆියාවක් ක්‍රියාත්මක වූ බවයි ඔහු සඳහන් කළේ.

එම වැලි මාෆියාව නැති කර යම් ක්‍රමයකට අනුගත කිරීමට මේ විට කටයුතු සුදානම් කර ගෙන යන බැවින් එහිදි තමන්ට තර්ජන එල්ල වන බවද ඔහු කියා සිටියා.

අඩු ආදායම්ලාභී ජනතාවට, සමෘද්ධිලාභීන්ට සමූපකාර ක්‍රමයක් යටතේ බලපත්‍ර ලබාදීමට තම කාර්යාංශයේ මෙන්ම අමාත්‍යවරයාගේද අරමුණ බවයි වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්, වරලත් භූ විද්‍යාඥ ‌ජානක අජිත්ප්‍රේම මහතා පැවසුවේ.