“ජනතාවට විශ්වාසයක් නැත්තේ ඡන්දය ගැන නොවෙයි වත්මන් ජනාධිපති ගැනයි” - අනුර (වීඩියෝ): "රනිල් ඉන්න ඉන්න මොකක්ද කරන්නේ රටේ ජාතික සම්පත් විකුණලා දානවා..ජාතික ජන බලවේගය ලෑස්තියි පාරට බැහැලා මේ ඡන්දේ දිනා ගැනීම සඳහා සටන ඉස්සරහාට දියත් කරන්න”

MonaraMonara

අනුර කුමාර දිසානායක - නායක - ජාතික ජන බලවේගය Photo - Npp Media

Colombo (Monara) June 12 – මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මහජනතාවට විශ්වාසයක් නොමැති බව, පසුගිය දිනවල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවද, ජනතාවට විශ්වාසයක් නැත්තේ වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් බව අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසන සමුළුව අමතමින් ඔහු මේ බව කියා සිටියා.

“‌ජනවාරි මාසේ 5 වැනිදා පළාත් පාලන ඡන්දය ප්‍රකාශ කළා. ජනවාරි මාසේ 21 වැනිදා නාමයෝජනා භාරගත්තා. මාර්තු මාසේ 09 වැනිදා ඡන්දෙට දින නියම කළා. පෙබරවාරි මාසේ 23 වැනිදා ඡන්දය නතර කළා. කවදාවත් එහෙම වෙලා තියෙනවාද..? ඔබ කවුරු හරි දන්නවාද ඇප මුදල් තැන්පත් කරලා, නාමයෝජනා අරගෙන, රැස්වීම් තියලා, ජනතාව ආමන්ත්‍රණය කරලා හැබැයි මොකද කළේ..? ඡන්දේ තිබ්බේ නැහැ. ඇයි ඒ..? ජනතාවට ඡන්දෙ ගැන විශ්වාසයක් නැතිකම නෙමෙයි.. රනිල් වික්‍රමසිංහට ජනතාව ගැන විශ්වාසයක් නැති නිසා.. හැබැයි ඒ ගොල්ලෝ පරදින ඡන්ද තියලා තියෙනවා.. 2015 මහින්ද පැරදුණා, ඡන්දේ තිබ්බා.. 2018 රනිල් පැරදුණා, ඡන්දේ තිබ්බා.. 2019 රනිල්ගේ ආණ්ඩුව පැරදුණා, ඡන්දේ තිබ්බා.. පරදින එක ගැන නෙමෙයි බය.. පරදින්න බය නැහැනේ රනිල්.. රනිල් බය දිනන කෙනාටයි..බය වෙන්න ඕනේ..

Photo - Npp Media Photo - Npp Media

ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසන සමුළුව Photo - Npp Media

දැන් කට්ටිය කියනවා, ව්‍යවස්ථා සංශෝධනය කරලා මේ නොවැම්බර් මාසේ 17 වැනිදාට ගෝඨාභයගේ ජනාධිපති ධුරයට අවුරුදු 4ක් ගතවෙනවා..ඊට පස්සේ ව්‍යවස්ථාව සංශෝධනය කරලා මාර්තුවල ජනාධිපති ඡන්දේ තියෙනවලු.. එහෙම තියන්නේ නැහැ.. මේ සූරියවැව ප්‍රාදේශීය සභාවේ ඡන්දේ තියන්නේ නැති man, රටේ ජාතික මැතිවරණයක් තියයිද..?රනිල් ඉන්න ඉන්න මොකක්ද කරන්නේ රටේ ජාතික සම්පත් විකුණලා දානවා..ජාතික ජන බලවේගය ලෑස්තියි පාරට බැහැලා මේ ඡන්දේ දිනා ගැනීම සඳහා සටන ඉස්සරහාට දියත් කරන්න ”

යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් පළ කළා.