පාඨලීගේ අලුත් පක්ෂය: එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් ලබන 22 වැනිදා ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

MonaraMonara

එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් ලබන 22 වැනිදා ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් බැහැ දැක එහි ප්‍රතිපත්ති ප්‍රකාශය මහ නාහිමියන්ට පිළිගැන්වීමෙන් අනතුරුව මේ බව ප්‍රකාශ කළා.

සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ පිළිබඳව රටේ ජනතාව කළකිරී ඇති බවත්, ‌පැවති දේශපාලන ක්‍රමවේදය සම්බන්ධයෙන් කලකිරී රටේ වියතුන් රට හැර යන තත්ත්වයට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී මහ නාහිමියන් හමුවේ පවසා සිටියා.

කෙටි කාලයක් තුළදී රට නැවත යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එකමුතුව වැඩකිරීමේ පළපුරුද්ද ඇති සබුද්ධික ‌වෘත්තීයවේදීන් අතට මේ රට පත්විය යුතු බවයි මහ නාහිමියන් හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල තැන්පතුවලින් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් ණය වශයෙන් රජයට ලබාදී ඇති පසුබිමක එම මුදල් නැවත ‌‌ගෙවීමට නොහැකි තත්ත්වයක් රජයට ඇතිවිය හැකි බවයි මන්ත්‍රීවරයා පවසා සිටියේ.