පාඨලී ඉවතට: පාර්ලිමේන්තුව ගත් විශේෂ තීරණය මෙන්න

MonaraMonara

නව වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සැසිවාරය අවසන් කෙරෙන තුරු රජයේ මුදල් කාරක සභාව සඳහා, විපක්ෂය වෙනුවෙන් නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා නම් නොකිරීමට විපක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවට විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතාගේ නම ඉදිරිපත් කර ඇති අතර, කතානායකවරයා විසින් ඉදිරිපත් කළ නිවේදනයේ ඔහුගේ නම දැක්වෙනවා.

නව වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සැසිවාරය අවසන් වනතුරු ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති ධූරයේ කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතායි.

මේ අතර අද දිනයේ කථානායකවරයා විසින් කරන ලද නිවේදනයට අනුව ක්‍රම සහ විධි කාරක සභාව සඳහා විපක්ෂයේ කිසිදු නමක් ඉදිරිපත් කර නොමැති වීමත් විශේෂත්වයක්.

කෙසේ නමුත් පාර්ලිමේන්තුව විසින් අද (09) දින සම්මත කරන ලද යෝජනා අනුව, ප්‍රවාහන සහ මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, සංචාරක සහ ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, සහ ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරයේ සේවය කිරීම සඳහා, පත් කරන ලද සාමාජික මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාගත කළා.

ඒ අනුව එම කාරක සභා සඳහා මෙතෙක් නම් කර ඇති මන්ත්‍රීවරුන් වන්නේ,

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115හි විධිවිධාන සහ අද (09) දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව අනුව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සමඟ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මතු සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කොට තිබේ.

ඒ අනුව, නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා, නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි, ඩග්ලස් දේවානන්දා, මහින්ද අමරවීර, ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රි, කංචන විජේසේකර, චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගයන්ත කරුණාතිලක, අනුර දිසානායක, මහාචාර්ය ජී. එල්. පීරිස්, නීතිඥ රවුෆ් හකීම්, ගාමිණී ලොකුගේ, වජිර අබේවර්ධන, ඒ. එල්. එම්. අතාඋල්ලා, සී. බී. රත්නායක, රිසාඩ් බදියුදීන්, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, මනෝ ගනේෂන්, රෝහිත අබේගුණවර්ධන, නීතිඥ නාමල් රාජපක්ෂ, නීතිඥ සාගර කාරියවසම්, ඉරාන් වික්‍රමරත්න, ජී. ජී. පොන්නම්බලම් සහ එම්. ඒ. සුමන්තිරන් යන මන්ත්‍රිවරයන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා නම් කොට තිබෙනවා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව

මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, ශෙහාන් සේමසිංහ, වෛද්‍ය සීතා අරඹේපොල, ආචාර්ය සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නීතිඥ රවුෆ් හකීම්, වජිර අබේවර්ධන, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, නීතිඥ චන්දිම වීරක්කොඩි, ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය හර්ෂ ද සිල්වා, නිමල් ලාන්සා, එම්. ඒ. සුමන්තිරන්, වෛද්‍ය කවින්ද හේෂාන් ජයවර්ධන, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, යූ. කේ. සුමිත් උඩුකුඹුර, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ මධුර විතානගේ සහ එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන යන මන්ත්‍රීවරයන් පත් කොට තිබේ.

ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව

ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා, ලසන්ත අලගියවන්න, අනුරාධ ජයරත්න, නීතිඥ සිසිර ජයකොඩි, ශෂීන්ද්‍ර රාජපක්ෂ, නීතිඥ ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ්, සංජීව එදිරිමාන්න සහ නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මන්ත්‍රීවරයන් තේරීම් කාරකසභාව විසින් නම් කොට තිබෙනවා.

ප්‍රවාහන සහ මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112(1) හි විධිවිධාන සහ 2024 පෙබරවාරි 09 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ප්‍රවාහන සහ මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා, දිලුම් අමුණුගම, රෝහිත අබේගුණවර්ධන, අශෝක් අබේසිංහ, මොහමඩ් මුසම්මිල් සහ ලලිත් වර්ණ කුමාර යන මන්ත්‍රීවරයන් නම් කොට තිබෙනවා.

සංචාරක සහ ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

සංචාරක සහ ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා, ගීතා සමන්මලී කුමාරසිංහ, ගයන්ත කරුණාතිලක, කපිල අතුකෝරල, අමිර්තනාදන් අඩෛක්කලනාදන් සහ නිපුණ රණවක යන මන්ත්‍රීවරයන්ද තේරීම් කාරකසභාව විසින් නම් කොට තිබෙනවා.