හැමෝම බලා සිටි පාර්ලිමේන්තුව විසුරවන දිනය මෙන්න: මහ මැතිවරණය තිබ්බොත් මැතිවරණ කොමිසමත් අර්බුදයකට?
පාර්ලිමේන්තුව ලබන ජූලි මස විසුරවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.
ව්‍යවස්ථානුකූලව සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව සඳහන් වුවත්, පාර්ලිමේන්තුව එසේ විසුරුවා හැරියහොත් මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට සිදුවෙනු ඇත.
එසේ සිදුවුවහොත් මැතිවරණ කොමිසම යම් අර්බුදකාරි තත්ත්වයකට මුහුණ දෙන බව වාර්තා වෙනවා. මෙයට හේතුව ලෙස වාර්තා වන්නේ, මේ වසරේ මැතිවරණයක් පැවැත්වීම සඳහා රජය වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 10ක් පමණ වීමයි.
නමුත් ජනාධිපතිවරණයට වඩා මහ මැතිවරණයට වැය වන මුදල් ප්‍රමාණය අධික බැවින් මැතිවරණ කොමිසම ඒ අනුව යම් මූල්‍ය අර්බුදයකට පත්වනු ඇතැයි ද සඳහන්.
මේ අතර පාර්ලිමේන්තුවේ 113ක් සැකසීමට යම්කිසි ආකාරයකට නොහැකි වුවහොත්, පක්ෂ කිහිපයක් එක් කර ජාතික ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයාට හැකි සේම ඔහු එම පියවරට යනු ඇතැයිද වාර්තා වෙනවා.
විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම එලැඹෙන ජූලි 31 වැනි දිනට පෙර විමධ්‍යගත සංවර්ධන වැඩපිළිවෙලවල් නිම කරන ලෙස දැනුම් දීම තුලින්ද, ජූලි මස පාර්ලිමේන්තුව විසිරවීමේ කසුකුසුව ස්ථීර වන බවත් ඇතැම් ආරංචි මාර්ග පවසනවා.