පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවයි: හදිසි පක්ෂ නායක රැස්වීමක්
පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළා.
ඒ, හදිසි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම සඳහායි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදු කළ ඉල්ලීමකට අනුව මෙම රැස්වීම පැවැත්වෙනවා.
එහි දී අද (23) දින පාර්ලිමේන්තුවේ දී දෙවන වර කියවීමට නියමිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.
එමෙන් ම අද දින නියමිත වාචික ප්‍රශ්න වෙනත් දිනයක් සඳහා කල් තැබුණා.