කිලෝ 2000කට අධික නීති විරෝධී බීඩි‌ කොළ: මුහුදු මාර්ග හරහා සිදුවන ජාවාරම් පිළිබඳ ශ්‍රී ලංකා නාවික හමුදාව සීරුවෙන්

MonaraMonara

Images - Sri Lanka Navy

පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් 2,223ක පමණ තොගයක් සිය භාරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කර තිබුණා.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබනවා.

ඒ අනුව, මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ, ඊයේ (12) දින රාත්‍රී කාලයේ වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රදේශයේයි.

එහිදි එම වෙරළ ප්‍රදේශයේ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝ 2,223 ග්‍රෑම් 100ක ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එය පාර්සල් 70ක අසුරන ලද තොගයක් බවයි ඔවුන් පවසන්නේ.

‍එමෙන්ම, මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන යතුරු පැදියක් ද එහිදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

Images - Sri Lanka Navy Images - Sri Lanka Navy

Images - Sri Lanka Navy

Images - Sri Lanka Navy Images - Sri Lanka Navy

Images - Sri Lanka Navy