විදෙස් ගතව සැඟව සිටින අපරාධකරුවන් 48න් 30ක් ම මත්ද්‍රව්‍ය ජාවාරමේ: තොරතුරු සොයන්න ඔත්තුකරුවන් ඩුබායිවල
විදෙස්ගත ව සැඟවී සිටින අපරාධකරුවන් 48 දෙනාගෙන් 30කට ආසන්න පිරිසක් ඍජුව සහ වක්‍රව මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල් බව බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති බව ජාතික පුවත්පතකට අදාළ වෙබ් අඩවිඅයක් වාර්තා කරනවා.
ඉන් ප්‍රධාන වශයෙන් පස්දෙනකු මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සඳහා ඍජුව සම්බන්ධ බව ද අනාවරණය බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන ඇති බවයි එම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර අදාළ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා සාක් කලාපීය රටවල එකඟතාවය මෙහෙයුම් දියත් කර ඇති බවත් එම පුවත් වාර්තාව අනවරණය කරන අතර, ඒ සඳහා ඩුබායි රාජ්‍යයේ විශේෂ ඔත්තුකරුවන් කිහිප දෙනකු ද යොදවා තිබෙනවා.