ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාව තනතුරෙන් නෙරපයි: සෞඛ්‍ය අමාත්‍යාංශයට අන්තර්ග්‍රහණය කිරීමේ සූදානමක්
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා එම තනතුරෙන් ඉවත් කර ඇති බව වාර්තා වනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ, අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් විසින් ගනු ලැබූ සාමූහික තීරණයක් මත ඔහු ව ඉන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
තනතුරෙන් නෙරපා ඇති වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ව ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අන්තර්ග්‍රහණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මහත් ආන්දෝලනයක් ඇති කර ඇති මානව ඉමියුනොග්ලොබියුලින් (IVIG) ගනුදෙනුව සම්බන්ධයෙන් වෛද්‍ය ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සහ ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් (IVIG) ආනයනයට සම්බන්ධ සමාගමේ හිමිකරුට විදෙස් ගමන් තහනම් කර තිබෙනවා.
මේ අතර රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පසුගිය දා ප්‍රකාශ කර සිටියේ, වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අත්‍යවශ්‍ය ලියකියවිලි කිහිපයක් විනාශ කළ බවයි.