රත්‍රං හෝ ජංගම දුරකථන මගේ නෙමෙයි - අලි සබ්‍රි රහීම් කියයි: අදාළ භාණ්ඩ තොගය තම මිත්‍රයෙකුගේ වුවත් තමන්ට ඒ් සඳහා වරදකරු වීමට සිදු වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගත් රත්‍රං සහ ජංගම දුරකථන තොගය තමන්ගේ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් ප්‍රකාශ කළා.
ඒ අද දිනයේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී.
අදාළ භාණ්ඩ තොගය තම මිත්‍රයෙකුගේ වුවත් තමන්ට ඒ් සඳහා වරදකරු වීමට සිදු වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමේ යෝජනාවේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා පැවසුවේ තමන් අමාරුවේ වැටුණු අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ අගමැති දිනේෂ් ගුණවර්ධන නොපැමිණීම නිසා තමා යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බවයි.