මීගමුව ප්‍රාදේශීය ලේකම් සිය නිවස තුළදී අබිරහස් ලෙස මියයයි: පොලිසිය පැවසුවේ ප්‍රාදේශීය‌ ලේකම්වරයාගේ සිරුර ඔහු ගේ නිල නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බවයි.

MonaraMonara

මීගමුව ප්‍රාදේශීය ලේකම් අබිරහස් ලෙස මියයයි

මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා අයේෂ් පෙරේරා සිය නිවස තුළදී අබිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහු 42 හැවිරිදි වියේ පසුවුණා.

පොලිසිය පැවසුවේ ප්‍රාදේශීය‌ ලේකම්වරයාගේ සිරුර ඔහු ගේ නිල නිවසේ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බවයි.

ප්‍රාදේශීය ලේකම්වරයා රාජකාරි ස්ථානයකට කැඳවාගෙන යාමට ඔහුගේ රියදුරු නිල රථයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා පදිංචිව සිටි නිල නිවසට ගොස් තිබෙනවා.

ලේකම්වරයා පෙනෙන්නට නොසිටි බැවින් රියදුරු විපරම්කර බැලීමේදි ඔහුගේ සිරුර නිවස තුළ ලණුවකින් ඒල්ලෙමින් තිබෙන බව දැක ඒ් බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෙසු නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් මරණ පරීක්ෂණය පවත්වන තෙක් මෙය සිය දිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? යන්න නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි බවයි පොලිසිය පැවසුවේ.

MonaraMonara

ජීවිතක්ෂයට පත් වූ මීගමුව ප්‍රාදේශීය ලේකම්