නවගමුව පත්තිනි දෙවොලේ පිං කැටවලට මුද්‍රා තැබේ: ලැබෙන පඬුරු සහ රන් අවභාවිත වන බවට පැමිණිලි

MonaraMonara

ඓතිහාසික පත්තිනි දේවාලය සහිත නවගමුව ශ්‍රී සුගතබිම්බාරාම පුරාණ විහාරස්ථානයේ සියලුම පිං කැටවලට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මුද්‍රා තබා තිබෙනවා.

වංචා සහගත මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් ලද පැමිණිලි මත සිදු කරන ලද පරික්ෂණ අනුව මෙලෙස විහාරයේ සියළුම පිංකැටවලට මුද්‍රා තබා ඇති බවයි වාර්තා වන්නේ.

විගණකාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙලෙස මුද්‍රා තබා ඇති බව සඳහන්.

මෙම සිද්ධස්ථානය වෙත ලැබෙන පඬුරු මුදල් කලක සිට විශාල වශයෙන් අවභාවිත වන බවට සහ දේවාලයට පුජා කෙරෙන රන් ආභරණ ආදිය නිසි ලෙස ලැයිස්තු ගත නොවී විකුණා මුදල් වංචා කරන බවට කලක සිට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවටත්, රජයේ විගණකාධිපතිවරයාටත් දිගින් දිගටම ලද පැමිණිලි මත මෙම විමර්ශනය සිදු කෙරෙනවා.

අදාළ විමර්ශනයට අනුවයි පිං කැට මුද්‍රා තැබීමට කටයුතු කර ඇත්තේ.