දේවගැති ජෙරම්: බැංකු ගිණුම් 11 ක රුපියල් බිලියන 12 කට වැඩි මුදලක් සංසරණය වෙලා

MonaraMonara

රුපියල් බිලියන 12.2 ක මුදලක් දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමේදී හුවමාරු වී ඇති බව අනාවරණ කරගෙන ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

එහිදී නීතිපතිවරයා වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකරන බවයි.

දේවගැතිවරයාගේ බැංකු ගිණුම් 11 ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී මෙම තොරතුරු අනාවරණ වී තිබෙනවා.

නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක් වූ අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතායි මෙම තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ.

ආගමික සංහිදියාවට බාධා කිරීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දේවගැති ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙනවා.