බස් ගාස්තු සංශෝධනයක්: ඒ අනුව කාණ්ඩ 12 ක් යටතේ බස් ගාස් අඩු කිරීමට නියමිත බව සඳහන්.

MonaraMonara

බස් ගාස්තු සංශෝධනයක්

Colombo (Monara) June 14 | බස් ගාස්තුව සියය 20 කින් පමණ අඩු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

මගී ප්‍රවාහන සේවයට අදාළ ජාතික ප්‍රතිපත්තියට අනුව ජුලි මස පළමුවැනිදා සිට මෙම සංශෝධනයන් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

ඒ අනුව කාණ්ඩ 12 ක් යටතේ බස් ගාස් අඩු කිරීමට නියමිත බව සඳහන්.

කොවිඩ් ව්‍යාප්තිය සිදු වූ සමයේ ආසන ගණනට මගීන් රැගෙන යා හැකි බවට සීමා පැනවීම හේතුවෙන් වැඩි කළ සියයට 20 ක බස් ගාස්තුව මේ දක්වා අඩු නොකිරීම කෙරෙහි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව සිදු වූ ඉන්ධන මිල වැඩි වීමත් සමඟ අඛණ්ඩව බස් ගාස්තු වැඩි කළ බව ද එම කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

මේවා සැලකිල්ලට ගනිමින් අවම බස් ගාස්තුව වන රුපියල් 30 ඇතුළු සියලු ගාස්තු සංශෝධනය කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇති බව වැඩිදුරටත් සඳහන්.

මේ අතර මේ සම්බන්ධයෙන් monara.com වෙත අදහස් පළ කරමින්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කළේ, මේ වනවිට බස් ගාස්තු සංශෝධනයට අදාළ කරුණු රැස් කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් ගාස්තු අඩු කරනවා ද නැද්ද යන්න පිළිබඳව මේ දක්වා තීරණය කර නොමැති බව ද ඔහු කියා සිටියා.