ගුටි කෑ බව කියා රෝහල්ගත වූ රාජ්‍ය ඇමතිනි ඩයනා රෝහලෙන් පිටව යයි: ජ’පුර රෝහලේ පැය 03 යි

MonaraMonara

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු වූ බව කියන පහරදීමේ සිද්ධියෙන් අනතුරුව රෝහල්ගත වූ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය ඉන් පිටත්ව ගොස් තිබෙනවා.

ඇය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ ‍ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වූ අතර, ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව ඇය පිටත්ව ගොස් ඇති බව සඳහන්.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, රෝහල්ගත වී පැය 03 ක පමණ කාලයක් ඇතුළත ඇය පිටත්ව ගොස් ඇති බවයි.

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා තමාට පහර දුන් බව පවසමින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය රෝහල් ගත වුණා.