මිලාද් උන් නබි උත්සවය අදයි: නෙළුම් කුළුණත් අද පාට වෙනස් කරයි
ශුද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් මිලාද් උන් නබි උත්සවය අදට යෙදී තිබෙනවා.
ඉස්ලාම් චන්ද්‍ර දින දර්ශනයේ තුන්වන මාසය වන රබ්අල් - අව්වල් මාසයේ අද වැනි දිනක සෞදි අරාබියේ මක්කා නගරයේදී නබි නායකතුමන් උපත ලබා ඇති බව ඉස්ලාම් දහමේ දැක්වෙනවා.
සියලුම මනුෂ්‍යයින් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවුඩය ප්‍රචාරය කළ ඉස්ලාම් දහමේ මහා ශාස්තෘවරයා වන මුහම්මද් නබිතුමා අල්ලාහ් දෙවියන්ගේ අවසාන දූතයා ලෙසයි හැඳින්වෙන්නේ.
ක්‍රිස්තු පූර්ව පන්සිය හැත්තෑ එකේ දී උපන් නබිතුමා වසර හැටතුනක කාලයක් ජීවත් වෙමින් විශාල සමාජ, ආගමික සේවාවක් සිදුකළා.
ඉස්ලාම් හර පද්ධතියක් ඇතිකිරීමෙහි නියමුවා වන්නේ ද මෙතුමායි.
නබි නායකතුමා හතළිස් වන වියෙහි දී මුහම්මද් නබිතුමා ලෙසින් අවසන් නබිතුමා වශයෙන් තෝරා පත්කරගෙන ඇති බව ද ඉතිහාසයේ සඳහන්.
මේ අනුව නබිතුමාගේ ජන්ම දිනය ඉස්ලාම් බැතිමතුන්ගේ විශේෂ දිනයක් ලෙසයි ඔවුන් සලකන්නේ.
මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ ජන්ම දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් අද දිනයේදී මහත් උත්සවාකාරයෙන් සහ ආගමානුකූලව සමරනු ලබනවා.
මේ අතර, නබි තුමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් කොළඹ නෙළුම් කුළුණ අද දිනයේදී කොළ සහ සුදු වර්ණයෙන් ආලෝක ගැන්වීමට නියමිතව තිබෙනවා.