වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් හෙට වැඩ - වර්ජනය සතියකට කල් යයි: සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අදාළ ගැටලු විසඳීමට ඇතිකරගත් එකඟතාවය මත, වර්ජන ක්‍රියාමාර්ග සතියකින් කල් දමනවා.

MonaraMonara

රවී කුමුදේශ් - වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ සංගමය

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන් විසින් හෙට (12) දිනයේ දියත් කිරීමට නියමිතවූ සංකේත වර්ජනය දින 7ක් දක්වා, තාවකාලිකව අත් හිටුවීමට තීරණය කර තිබෙනවා.

අද පෙරවරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අදාළ ගැටලු විසඳීමට ඇතිකරගත් එකඟතාවය මත, වර්ජන ක්‍රියාමාර්ග සතියකින් අත් හිටුවීමට තීරණය කළ බවයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසන්නේ.