මැරීන් ඩ්‍රයිව් එක වැසේ: විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියදුරන්ට උපදෙස්

MonaraMonara

කොළඹ, බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල මුහුදුබඩ මාර්ගය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල ඇති මගී ගුවන් පාලමේ සිදුකරන නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

ඒ අනුව අද (05) සිට නැවත දැනුම් දෙන තුරු එම මාර්ගය වසා තැබීමට සිදුවන බවයි පොලීසිය පවසන්නේ.

එබැවින් එම ස්ථානයෙන් ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.