අන්තර්ජාලයෙන් ඡන්ද හිමි නාමලේඛනයට ලියාපදිංචි වීමේ වරම්: ඡන්ද හිමි නාමලේඛනයට අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්රමයට (Online) ලියාපදිංචි වීමේ පහසුකම් සලසා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා
Colombo (Monara) June 09 – ඡන්ද හිමි නාමලේඛනයට අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්රමයට (Online) ලියාපදිංචි වීමේ පහසුකම් සලසා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
https://eservices.elections.gov.lk/pages/home.aspx වෙබ් අඩවියට පිවිසීමෙන් එලෙස මාර්ගගත ක්රමයට ලියාපදිංචි විය හැකි බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා සඳහන් කළේ.
2023 ඡන්ද හිමි නාම ලේඛන ප්රතිශෝධන කටයුතු මේ දිනවල සිදු කෙරෙන බවද ඔහු සඳහන් කළා.
ඒ සඳහා වන සංගණන පත්ර ග්රාම නිලධාරීවරුන් වෙත නිකුත් කර ඇති බව සඳහන් කළ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අදාළ සංගණන පත්රිකා නිසි පරිදි සම්පූර්ණ කිරීමට සහය වන ලෙසද සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
ඡන්ද හිමි නාමලේඛණ ප්රතිශෝධන කටයුතු ලබන 16 වැනිදායින් අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ.