හිටපු ජනපති මහින්දගෙන් නව දේශපාලන සංස්කෘතියක්: රාජපක්ෂලා විවේචනය කළත් ජනතා විමුක්ති පෙරමුණත් දායකත්වය දුන්න බව මහින්දම කියයි

MonaraMonara

ජනතා විමුක්ති පෙරමුණ පවා සාධනීය දායකත්වයක් ලබා දුන් එකම ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘතිය උමා ඔය ව්‍යාපෘතිය බවත් එම ව්‍යාපෘතියත් සමග නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කල යුතු බවත් හිටපු ජනාධිපති, පොදුජන පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ පවසනවා.

විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමග මෙවන් ව්‍යාපෘතීන් තුලින් ජනතාවට ලැබෙන විශාල ප්‍රතිලාභ පිළිගන්නා සහ අදාල ව්‍යාපෘතියට අවශ්‍ය අරමුදල් සොයාගනිමින් එය මහ පොළවේ යථාර්ථයක් බවට පත් කළ ආණ්ඩුවට නිසි පිළිගැනීමක් සහ ඇගයීමක් දෙන නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට සුවිශේෂී අවස්ථාවක් උදා වී ඇති බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදි ජනතා විමුක්ති පෙරමුණ එය දැඩි ලෙස විවේචනය කල බවත් රාජපක්ෂලාගේ සිහින සැබෑ කිරීමට හම්බන්තොටට ජලය හරවා යවන ව්‍යාපෘතියක් ආරම්භ කරන බවට විවේචනය කලත් සත්‍ය ලෙසම උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අනුමැතිය ලබා ගත්තේ එවකට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කල ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකගෙන් බවයි.

MonaraMonara

MonaraMonara