මෙරට පළමු වරට ක්‍රිකට් ක්‍රීඩක වෙන්දේසියක් - LPL ජූලි 30 ඇරඹෙයි: 2023 වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට දින නියම කර තිබෙනවා. එම වෙන්දේසිය එළඹෙන ජූනි මස 14 වැනි දින කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

MonaraMonara

ඡායාරූපය - nekraj.in

2023 වසරේ පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට දින නියම කර තිබෙනවා.

එම වෙන්දේසිය එළඹෙන ජූනි මස 14 වැනි දින කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ එක් කණ්ඩායමක් සඳහා අමෙරිකානු ඩොලර් 500,000ක් ඇස්තමේන්තු කර ඇති බවයි.

කණ්ඩායම් 5ම ක්‍රීඩකයින් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් යොදවා තිබෙනවා.

මේ අතර මෙරට පැවැත්වෙන පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියක් සඳහා මෙලෙස ක්‍රීඩක වෙන්දේසියක් පැවැත්වෙන්නේ ප්‍රථම වතාවට වන අතර, මෙවර තරගාවලිය ජූලි 30 ආරම්භ වී අගෝස්තු 20 තෙක් පැවැත්වෙනු ඇති.